නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ ගණන 150 ඉක්මවා ගොස් තිබේ.
ගංගාවල ජල මට්ටම පහත වැටී ඇති අතර, ඇතැම් කලාපවල ජලගැලීම් පහව ගොස් ඇති බව වාර්තා වේ.
අධික වැසි හමුවේ සිදුවූ නායයාම්වලින් සහ ජලගැලීම්වලින් අතුරුදන්වූවන් ගණන 60කට අධික බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට ජල මට්ටම ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින අතර හිමාල කඳුවැටිය ආශ්රිත රටවලට මේ දිනවල අධික වැසි තත්ත්වයක් බලපා ඇති බැවින් කලාපීය ගංගා රැසක් පිටාර මට්ටමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව උතුරු ඉන්දියාවටත් ජලගැලීම් ආපදා බලපා ඇති බව වාර්තා වේ.