ශ්රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු ඊයේ (28) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්ර භාර දෙනු ලැබීය.
ඒ අනුව,
01. නවදිල්ලියේ පිහිටි බුර්කිනා ෆාසො තානාපති – ආචාර්ය ඩෙසිරේ බොනිෆස් සම් මහතා
02. නවදිල්ලියේ පිහිටි බොස්නියාව සහ හර්සගොවිනා තානාපති – හැරිස් හර්ලේ මහතා
03. නවදිල්ලියේ පිහිටි අසර්බයිජාන ජනරජයේ තානාපති – එල්චින් හුසෙයින්ලි මහතා
04. නවදිල්ලියේ පිහිටි ජොර්ජියාවේ තානාපති – වක්ටන්ග් ජෝෂ්විලි මහතා
05. නවදිල්ලියේ පිහිටි බෙලරූස් ජනරජයේ තානාපති – මිහයිල් කස්කො මහතා
06. නවදිල්ලියේ පිහිටි බෙලරූස් ජනරජයේ තානාපති – වාහන් ආෆ්යාන් මහතා
07. නවදිල්ලියේ පිහිටිස්පාඤ්ඤ රාජධානියේ තානාපති – යුවාන් ඇන්ටෝනියෝ මාර්ච් පුහොල් මහතා
08. නවදිල්ලියේ පිහිටි කොංගෝ ජනරජයේ තානාපති – රේමන්ඩ් සර්ගේබලේ මහතා
09. නවදිල්ලියේ පිහිටි කෙන්යා ජනරජයේ මහ කොමසාරිස් – මුනියිරි පීටර් මයිනා මහතා
10. නවදිල්ලියේ පිහිටි ගිනියා ජනරජයේ තානාපති – ඇලසාන් කොන්ටෙ මහතා ඊයේ දින අක්තපත්ර භාර දුන්නේය