අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
අභිනව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, එම බලය ආරක්ෂා කරගැනීමට නව අමාත්‍යවරු නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවයි.
දීර්ඝ කාලයක් දරන ලද වෙහෙස, ජනතා අපේක්ෂාවන් යන සියල්ල සාර්ථක කරගැනීමේ දී යහපත් ආණ්ඩුකරණයක් තිබිය යුතු බව ද ජනාධිපතියා පැවසුවේය. “ජයග්‍රහණය විශාල වගේම ඒ ජයග්රහණයෙන් අප වෙත පවරා ඇති වගකීම් ඒ හා සමානවබරයි.” යනුවෙන් ද ජනාධිපතිවරයා කියා සිටියේය.