නිල තැපැල් ඡන්ද පත්රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද දිනයේ ගමනාන්ත තැපැල් කාර්යාල වෙත බෙදා හරින බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ, විශේෂ තැපැල් මගිනි.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, විශේෂ ආරක්ෂාවක් යටතේ නිල තැපැල් ඡන්ද පත්රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු බෙදා හැරීම සිදුවන බවයි.
නිල තැපැල් ඡන්ද පත්රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු ඊයේ දිනයේ තැපෑලට භාරදෙනු ලැබීය.