මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම හෙට (11) මධ්‍යහ්න 12ට අවසන් වීමටයි නියමිතයි.
මේ අතර මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමද අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියි.
නොවැම්බර් මස 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මේ වන විටත් ප්‍රධාන දේශපාලන පක්ෂ නාම යෝජනා අත්සන් කර අවසන් අතර, බොහොමයක් දේශපාලන පක්ෂ අද ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා සිය නාම යෝජනා භාරදීමට නියමිතයි.
ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් ඊයේ දිනයේ ද සිය නාම යෝජනා පත්‍ර සඳහා අත්සන් තැබීය.
ඒ අනුව ජාතික ජන බලවේගය මෙලෙස නාමයෝජනා පත්රවලට අත්සන් තැබුවේ, පැලවත්තේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදීයි.
සමගි ජන සන්ධානය පිටකෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේදී නාමයෝජනා පත්රවලට අත්සන් තැබුවා. ඒ එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන්.
එමෙන්ම ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වදින නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂකයින්ද කොළඹ මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී නාම යෝජනා අත්සන් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින් සිය නාම යෝජනා පත්‍ර සඳහා ඊයේ අත්සන් තැබුවේ, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදීයි.