තායිලන්තයේ උමං මාර්ගයක දින 05ක් පුරා සිරව සිටි විදෙස් ජාතික කම්කරුවන් තිදෙනා මියගොස් තිබේ.
ඒ, ඔවුන් මුදාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක වන අතුරතුරදීය.
පාක් චොන්ග් ප්රදේශයේ ඉදිවන තායිලන්ත – චීන අධිවේගී උමං දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටියදී පස්කන්දක් කඩා වැටීමෙන් පසුගිය සෙනසුරාදා කම්කරුවන් තිදෙනෙකු ඒ තුළ සිරවී තිබුණි.
මියගොස් ඇත්තේ චීන ජාතිකයින් දෙදෙනෙකු සහ මියන්මාර ජාතිකයෙකු බව සඳහන්ය.