වරින් වර හිස ඔසවනු ලබන ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට නව රජය සැළසුම් කරන වැඩසටහන තුළ ප්‍රතිකාර සේවා ශක්තිමත් කර ගැනීමට, මදුරු කීට බෝවීම මර්දනය කිරීමට සහ විධිමත් ඖෂධ භාවිතාවන් ආදී කරුණු සම්බන්ධව කියුබානු රජයේ විශේෂඥ දැනුම, තාක්ෂණික මෙවලම් සහ අත්දැකීම් සෘජුවම යොදා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කර තිබේ.

මෙම කරුණූ අනාවරණය වූයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අතර පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ හමුවක දීය.

මෙම හමුවේදී ඩෙංගු උවදුර මර්දනය කිරීමේ දී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ මෙරට කියුබානු තානපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම, තාක්ෂණික දැනුම, හුවමාරු කර ගැනීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව සඳහන් කළේය.

මදුරු කීට මර්දනය සඳහා කියුබාව භාවිතා කරනු ලබන නිෂ්පාදන කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට ද තානාපතිවරයා මෙහිදී කටයුතු කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට ඩෙංගු මදුරු මර්දනය හා ව්‍යාප්තිය පාලනය කිරිමටත්, ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිරීමටත් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙන බව අවධාරණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එම කටයුතු තවත් ශක්තිමත් කිරීමට දෙරට අතර අන්තර් පාර්ශවීය සම්බන්ධීකරණය ඉතා වැදගත් වන බව පෙන්වා දුන්නේය.

Leave a Reply

SETH FM, “Healing Poem of the Heart,” is a dedicated radio station spreading spiritual quality and natural presence, reaching listeners from Negombo to Colombo, Gampaha, and Chilaw.

Address

St Mary’s Church Jubilee Hall,
Grand St, Negombo 11500

0312 228 181
0718 758 181

sethfm2@gmail.com

voguerre sunderland escorts روما بت
ماه بت
پین باهیس
بهترین سایت شرط بندی
بت کارت
یاس بت
یک بت
مگاپاری
اونجا بت
alvinbet.org
بت برو
بت فا
بت فوروارد
وان ایکس بت
1win giriş
بت وینر
بهترین سایت شرط بندی ایرانی
1xbet giriş
وان کیک بت
وین بت
ریتزو بت