චීනයට සම්බන්ධ සයිබර් අපරාධකරුවන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සහකරු වන සෙනෙට් සභික ජේඩී වැන්ස්ගේ දුරකථන හා අන්තර් ජාලවලට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරා තිබේ.
හැරිස්-වෝල්ස් ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් ද සයිබර් ප්‍රහාරයේ ඉලක්ක වී ඇතිබව වාර්තා වේ.
එෆ් බී අයි ඒජන්සිය සඳහන් කරන්නේ චීණයට අනුබද්ධ සයිබර් ප්‍රහාරයකින් මෙම උත්සහයන් දරා ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විමර්ෂණ ආරම්භ කර තිබේ.
ඇමෙරිකාව පුරා සිටින නියෝජිත ආයතන මෙම තර්ජනය අවම කරගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.