පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද (13) දින තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව එහි සභාපති රමල් සිරිවර්ධන සඳහන් කළේය.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ මැතිවරණ සේවා වෙනුවෙන් යොදා ගැනීම නිසා අද (13) දින මගී තදබදයක්ද ඇතිවිය හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය .
එමෙන්ම දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර වලට අමතරව මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුම්රිය සඳහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළ ප්‍රකාශ කර සිටියේය.