ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
මෙම තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඊයේ රාත්‍රී පැවැත්විණි.
මෙහිදී පළමු පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 180ක ඉලක්කය පන්දුවාර 19.1කදී පසුකර යාමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස්කිරීමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමග තරග 3කින් සමත්විත තරගාවලිය 1-0ක් ලෙස කොදෙව් කණ්ඩායම පෙරමුණ ගත්තා.