මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇතිබව වාර්තා වී තිබේ.
කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගයෙන්ය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයෙන් තේරීපත්ව ඇති කාන්තා නියෝජනයන් වන්නේආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ,අම්බිගා සැමුවෙල් ,නිලන්ති කොට්ට හච්චිගේ ,ඔෂානි උමංගා ,සරෝජා පෝල්රාජ් ,නිලූෂා ගමගේ ,සාගරිකා ආතාවුද ,හිරුණි විජේසිංහ ,චතුරි ගංගානි ,තුෂාරි ජයසිංහ ,හසාරා ලියනගේ ,දීප්ති වාසලගේ ,සමන්මලී ගුණසිංහ යන මහත්මින්ය.
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති කාන්තා නියෝජනයන් වන්නේ චමින්ද්‍රාණි කිරි ඇල්ල ,හිටපු මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න යන අයයි