සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බව දක්වමින් ඇතැම් මාධ්‍ය පළකර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමුකර ඇති ඉල්ලුම්පත්‍ර රැසක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනවාරි මාසය වනවිට ඖෂධ සැල් ගණනාවක් වැසීයාමේ අවදානමක් ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
සමස්ත ලංකා ඖෂධ ශාලා හිමියන්ගේ සභාපතිවරයා ප්‍රකාශ කළ බවට සදහන් එම වාර්තා ජනතාව නොමග යවන සුලු ප්‍රකාශයක් බව ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දී තිබේ.
බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය කිසිදු හදිසි තීන්දුවක් ගෙන නොමැති අතර ඒ සදහා ක්‍රියාත්මක කරන ක්‍රමවේදයේ ද වෙනසක් සිදුකර නොමැති බව ඖෂධ නියාමන අධිකාරිය සදහන් කළේය.