මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සමන් රත්නප්රිය මහතා පවසයි.
මේ වනවිට විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්වී නව සන්ධානයක් බිහිකර ගැනීමේ අරමුණින් විවිධ සාකච්ඡා පවත්වමින් සිටී.
කෙසේවෙතත් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත් ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.