ඊශ්‍රායලය ලෙබනනයේ නිවාස වලට මෙන්ම රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම නිසා වෛද්‍යවරුන් රැසක් ද මියගොස් තිබේ.
බටහිර ඉවුරේ ගොඩබිම් සටන්වල නිරත ඊශ්‍රායල හමුදා ඊයේ පලස්තීනුවන් 64 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන අතර, නැබ්ලස් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ මෙය බියගුලු හා සැලසුම් සහගත ඝාතනයක් බවයි.
මේ අතර ඊශ්‍රායල හමුදාව ලෙබනනයට ද පහර දුන් අතර දකුනු වර්ඩනියා නගරයේ පුද්ගලයන් පස් දෙනෙකු, හා ටයර් දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු පස් දෙනෙකු ඝාතනය කර තිබුණි .
ගාසා තීරයේ, 2023 ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 42,010ක් මිය ගොස් 97,720ක් තුවාල ලබා සිටියි.
හමාස් ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් සංඛ්‍යාව 1139කි.