ඊශ්‍රායලය මීට පැය කිහිපයකට පෙර ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළේ ය.
ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව රටවල දැඩි විරෝධය මධ්‍යයේයි.
ඊයේ (30) පස්වරුවේ ඊශ්‍රායලය පාබල හමුදාව, ලෙබනනයේ ඇතැම් ප්‍රදේශ ඉල්ලක කරගනිමින් ප්‍රහාර දියත් කර ඇති බවට විවිධ තොරතුරු වාර්තා විය.
ලෙබනනයේ ඇතැම් ප්‍රදේශවලට ඉලක්කගත ප්‍රහාරයක් දියත් කරන බවට ඊශ්‍රායලය අද (01) අළුයම නිල වශයෙන් නිවේදනය කළේ ය.
සැප්තැම්බර් 17 වැනිදා සිට ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් සංවිධානාත්මක ප්‍රහාර දියත් කළ අතර, ඊශ්‍රායලය පසුගියදා, හිස්බුල්ලා නායක හසන් නසරල්ලාද ඝාතනය කළේ ය.