උතුරු ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල යුද ටැංකි එල්ල කළ ප්‍රහාරවලින් 7දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායල යුද ටැංකි උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා හි පාසලක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඒම ප්‍රදේශයේ පිරිසක් පලා යන අතරතුරදීයි.
ඊශ්‍රායලය එම ප්‍රදේශයට ගොඩබිම් ප්‍රහාර එල්ල කරන අතරතුර බේරූට් හි දකුණුදිග ප්‍රදේශවල ද විශාල පිපිරීම් සිදුවී ඇති බව විදෙස් වාර්තාවේ සදහන් වේ.