ජාතික ජන බලවේගය ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගත්තේ ය.
ඒ, ඊයේ (26) පැවති ඡන්ද විමසීමේදී ඡන්ද කොට්ඨාස 17 න්, 15 ක් දිනා ගනිමින් ය.
ඒ අනුව ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17 295 කි.
ඔවුන්ට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් මන්ත්‍රී ආසන 15 ක් හිමිවුණි.
සමගි ජන බලවේගය, ඡන්ද කොට්ඨාස 2 ක බලය තහවුරු කර ගන්නා ලදී.
ඡන්ද 7924 ක් සමඟින් ඔවුන්ට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 6 ක්ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3597 ක් ලබා ගනිමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ආසන 3 ක් දිනා ගන්නා ලදී.
පොදුජන එක්සත් පෙරමුණ ද මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් මන්ත්‍රී ආසන 2 ක් දිනා ගත්තේ ය.
ඔවුන්ට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 2612 කි.