තම රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු පවසයි.
දින 05 ක ඉන්දීය සංචාරයක් අරඹමින් ඔහු මේ බව කියා සිටියේ ය.
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මාලදිවයිනේ ඩොලර් සංචිත ප්රමාණය මිලියන 440 දක්වා අඩු වී තිබෙන බව ඔහු පැවසීය.