ආණ්ඩුවට හරි මඟ පෙන්වීමට වෙනත් දේශපාලඥයන්ගේ සහය අවශ්‍ය නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කුරුණෑගල පැවති ජන රළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ අතර එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද අභියෝගයක් කර තිබේ.
ඉදිරියේදී දේශපාලඥයින්ට ප්‍රමිතියක් හඳුන්වා දෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත.