අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වා තිබේ.
ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන් සිය සේවාව තුළ පවතින ගැටලු පිලිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කර ඇත.
මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නලිනී කොහොවල, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් විශාඛා අබේරත්න යන මහත්මීන්, ශ්‍රී අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ සභාපති, ලේකම් ඇතුළු නියෝජිතයින් සහභාගී වී තිබේ.